
හිත මානයේ නොඑන සෙනෙහස.
නිදිමරා තුන් යාමය ම
කෙට්‌ටු ඇස් හැඩුවා නොවෙද...
සිදී ගිය කදුලු විල හෙලුවේ ලේ බිදුය
ලේ පිරුනු නෙත් කෙවෙනි
නිසල ඇස් දුටුවා ද...
"සුදු නංගී නුබ කොහිද.."
ගිලන් වු සිත් යහන
සොයනවා නුබේ පහස...
සැලී සෙලවී ඉරි තැලුනු පාළු හිත
නිදයි තවමත් පාළු සොහොනක
මල් වඩම්..
මතක බණ..
නුබට තහනම් හඩන්නට...
නසාගත් සෙනෙහෙ සිත
මිහිදන් කරන්නට
සුදු නංගි නුබ එන්න
සුදු අයියා මියගොස් ය...
සදහටම මියගොස් ය...