Saturday, July 02, 2011

කදුල නුබද..


කදුල නුබද..

නුබමද..

දැස්‌ හැර යන්න යනවද...

හීන කොහිද..

කොයිබද..

නුබ අහුලන්න එනවද.....

දැස මටද...

මටමද..

දැකගන්න දෙනවද....

සෙනෙහෙ නුබද..

හිත ලග වැතිරෙන්න දෙනවද.....

අහසේ තරු මල්

සදක්‌ වෙන්න පෙරුම් පුරනවා..

අහිමිව යන හිත

සසර පුරුදු දැස්‌ සොයනවා...

සිහිනේ නොදකින

නුබ සිපගන්න හදනවා....

යලි කවදාවත්

හමු නොවෙනා නුබ දැස්‌ සොයනවා...


සෙනෙහසේ මලගම....!!!!




මගේ හිත අද ගොඩක්‌ නොසංසුන් වෙලා...

ජීවිතයේ හැම අහිමි වීමම දරා ගෙන අකාලික නොහදුනන සෙනෙහසත් ගොළු වෙලා...

සුදු නංගී.. ජීවිතයේ පළමු වතාවට අද සුදු අයියා ඇඩුවා...

අහිමි වෙලා යන මගේ කුළුදුල් පෙම් කවිය අදුරු අහසට විසි කරලා හිගන්නෙක්‌ වගේ වැව රව්මට වෙලා ඇඩුවා...

නුවරට හුරු මන්දරම මගේ දුකට හිනා වෙනවා සුදු නංගී...

ඔයාට දැනෙනවද සුදු නංගි...ඔයාගේ සුදු අයියගේ ඇස්‌ වල කදුලූ....

ඇයි සුදු අයියව දාලා ගියේ මගේ මැණික...ඇයි දාලා ගියේ....

සුදු අයියා පව් නැද්ද...දාලා යන්න නම් ඇයි සුදු අයියගේ ජීවිතයට ආවේ...ඇයි සුදු අයියට ආදරේ කරේ....

ඇයි.... දෙයියනේ එහෙම කරේ....

දැස්‌ පොඩි කොට


දැස්‌ පොඩි කොට

ඔහෙ පා කර

නුබෙ දැස්‌ හොයලා...

වේදනා විදි

මගෙ සිත් ඉම

ආදරේ පතලා

ගව් සියක්‌ දුර නුබත් අරගෙන

තනි සිතින් පියබා

තවත් මොහොතක්‌ ගෙවි යනවා

නුබ දුරක තියලා...

දැස්‌ සිර කොට තබ ගන්නම්

නෙත් කෙවෙනි රිදවා

නුබට නොදැනෙන

මගෙ සෙනෙහස

ඉකි ගසා හැඩුවා...

පාළු සොහොනක

සෙනෙහෙ මලගම

ආදරෙන් වලදා

ඇවිද යන්නට වාරු නැත මට

නුබේ හිතින් මිදිලා....