
සුදු නංගි.... ඔයාට මතකද...
නන්නාදුනන හවසක ඔය ඇස් සුදු අයියව නොසංසුන් කරපු හැටි මතක ද.....
“ඇයි බලන්නේ ඔය විදියට..”
“අයියගේ ඇස් කතා කරනවා....ඒකයි බලන්නේ...”
ආයිත් කවදාවත් සුදු අයියගේ ඇස් කතාකරන්නේ නැ සුදු නංගී..කාලය ගෙවිලා..අපේ ඇස් අපිට හමු උනේ නැතිව කොච්චර කාලයක් ගෙවුනද...
“අපේ ආදරේ අද කොහෙද සුදු නංගී...”
අහිමි වීම මේ තරම් වේදනවක් කියලා දන්නවනම් කවදාවත් සුදු අයියා ආදරේ කරන්නේ නැ මගේ මණික...
මතකක ද සුදු අයියා කිව්වා පාළුම දවසක...ආදරේ නිසා කවදා හරී දවසක අයියා පපුව පැලිලා මැරෙයි කියලා..අද ඒ ආදරේ පාළුම පාළු සොහොන් බිමක පණ අදිනවා...සුදු නංගී එනවද..ඔයාගෙ සුදු අයියා තනිවෙලා..ගොඩාක් තනි වෙලා...
මම දන්නවා මගේ මැණිකට දැන් එන්න බැ කියලා..ඒත් හිත පිලිගන්නෙ නැ..ආයෙත් කවදාවත් සුදු නංගිට එන්න කියන්න මට බැ..ඔයා ලස්‌සනට ජීවත් වෙන්න..
එක ඉල්ලීමක් තියෙනවා...අයියගේ අන්තිම ම කැමත්ත...අපි දෙන්නගේ හීනේ හිටිය පුංචි කොළු පැටියට අයියගෙ නම තියන්න...මගේ නොවුනත් අපේ දරු පැටියා ඔයාට සුදු අයියගෙ මතකේ හමදාම ගෙනල්ලා දේවී....අපි දෙන්නා හිටවපු අරලිය ගහේ සුදු මල් පිපිලා..
අදින් පස්‌සේ සුදු අයියා ඔයාගෙන් ගොඩාක් ඇතට යනවා..හැමදාටම හමෝගෙන්ම ඇතට...ආයිත් සුදු අයියාගෙ ඇස් ඔයාට කතාකරන්නෙ නැති වෙයි...සුදු නංගි ඔයත් එන්න අයියා ඇතට යනවා බලන්න...අපේ අරලිය ගහෙන් පුංචිම පුංචි මලක් අරන්...එන්න....
සුදු අයියා ලගටම එන්න..ඉස්‌සර වගේ හිමින්..ගොඩාක් හෙමින් සුදු අයියගේ නලල ඉබින්න....එද වාගෙම ආදරෙයි කියන්න... සුදු අරලිය මල පපුව උඩින් තියලා යන්න...ආදරෙන්..ගොඩාක් අදරෙන්.....