Tuesday, August 30, 2011

සුදු අයියා නිවාඩු ආවා..

අද නුවර අහස ගොඩාක්‌ මූසල පාටයි...පාළුයි...

ඉබාගාතේ යන රස්‌තියාදුකාර වැහි පොද දූවිලි පොලවට වැටිලා බොද උනා...වැව රවුම පාළුවට ගිහින් සුදු නංගී.....

සුදු අයියා නිවාඩු ආවා...හරියටම මාස තුනකින් ....

ඉස්‌සර අයියා නිවාඩු ආවේ කොච්චර ආසවෙන්ද...මගේ මැණික බලන්න සුදු අයියා දුවගෙන ආවේ කොච්චර ආසවෙන්ද...

අදටත් මට ඔයාව දැනෙනවා....වැව රවුමේ බංකුවක්‌ බංකුවක්‌ ගානේ මට ඔයාගේ ආදරේ දැනෙනවා මගේ සුදු මැණික...

අද මම එනකොට වැව රවුමේ වෙනදා මග බලන රත්තරන් ඇස්‌ නැ...ඇයි සුදු නංගි ...සුදු අයියා කරපු වරද මොකක්‌ද..

දෙයියනේ... මේ තරම් දඩුවම් දෙන්න සුදු අයියා කරපු වරද මොකක්‌ ද රත්තරන්...

මම කරපු වරද මොකක්‌ ද...

තාත්තෙක්‌ වගේ මගේ මැණිකට ආදරේ කරපු එකද මේ ලෝකේ මම කරපු ලොකුම වරද...ඒකද ලොකුම වරද..

මම දන්නවා මම වැඩි කල් ජීවත් වෙන්නේ නැ කියලා..ඒත් ජීවත් වෙන පුංචිම පුංචි කාලේ මගෙ ලගින් ඉන්න තිබුනා නේද සුදු නංගී...

සුදු අයියා දවසක්‌ හරි ඔයගේ කතා කරන ඇස්‌ දෙකෙන් ජීවත් වෙනවා කියන්න මේ ලෝකේ කවුරුත් දන්නේ නැ...

ඒත් දෙයියනේ ..

ඔයා ඒක දන්නවනේ...

එහෙනම් ඇයි... ඇයි ...මාව දාලා ගියේ..ඇයි සුදු නංගි එහෙම කරේ.........

Saturday, July 16, 2011

රැ සිහිනේ සමුගැන්ම


  1. නුබ වටා මා මැව්ව

  1. රැ සිහිනේ සමුගැන්ම

  1. හිත පුරා විදගන්න

  1. ඉඩ දියන් මයේ හිතට...

  1. බිදෙන් බිද මා අහිමි වන හැටි

  1. සිතෙන් දකිමින් සැම මොහොතෙම

  1. මගෙ නමින් හඩන නුබ

  1. සනසන්නේ මම කොහොම....

  1. සසර පුරුද්දට හිතේ වැතිරුන

  1. නුබෙ සෙනෙහස සිතින් විදිමින

  1. ජීවත් වන ටික දිනට

  1. නුබ හිදින් මගේ ලගම

  1. පණ කෙන්ද යන තුරුම....

Friday, July 15, 2011

තරු එලියක සමු ගැනීම


හිත මානයේ නොඑන සෙනෙහස.

නිදිමරා තුන් යාමය ම

කෙට්‌ටු ඇස්‌ හැඩුවා නොවෙද...

සිදී ගිය කදුලු විල හෙලුවේ ලේ බිදුය

ලේ පිරුනු නෙත් කෙවෙනි

නිසල ඇස්‌ දුටුවා ද...

"සුදු නංගී නුබ කොහිද.."

ගිලන් වු සිත් යහන

සොයනවා නුබේ පහස...

සැලී සෙලවී ඉරි තැලුනු පාළු හිත

නිදයි තවමත් පාළු සොහොනක

මල් වඩම්..

මතක බණ..

නුබට තහනම් හඩන්නට...

නසාගත් සෙනෙහෙ සිත

මිහිදන් කරන්නට

සුදු නංගි නුබ එන්න

සුදු අයියා මියගොස්‌ ය...

සදහටම මියගොස්‌ ය...

Saturday, July 02, 2011

කදුල නුබද..


කදුල නුබද..

නුබමද..

දැස්‌ හැර යන්න යනවද...

හීන කොහිද..

කොයිබද..

නුබ අහුලන්න එනවද.....

දැස මටද...

මටමද..

දැකගන්න දෙනවද....

සෙනෙහෙ නුබද..

හිත ලග වැතිරෙන්න දෙනවද.....

අහසේ තරු මල්

සදක්‌ වෙන්න පෙරුම් පුරනවා..

අහිමිව යන හිත

සසර පුරුදු දැස්‌ සොයනවා...

සිහිනේ නොදකින

නුබ සිපගන්න හදනවා....

යලි කවදාවත්

හමු නොවෙනා නුබ දැස්‌ සොයනවා...


සෙනෙහසේ මලගම....!!!!




මගේ හිත අද ගොඩක්‌ නොසංසුන් වෙලා...

ජීවිතයේ හැම අහිමි වීමම දරා ගෙන අකාලික නොහදුනන සෙනෙහසත් ගොළු වෙලා...

සුදු නංගී.. ජීවිතයේ පළමු වතාවට අද සුදු අයියා ඇඩුවා...

අහිමි වෙලා යන මගේ කුළුදුල් පෙම් කවිය අදුරු අහසට විසි කරලා හිගන්නෙක්‌ වගේ වැව රව්මට වෙලා ඇඩුවා...

නුවරට හුරු මන්දරම මගේ දුකට හිනා වෙනවා සුදු නංගී...

ඔයාට දැනෙනවද සුදු නංගි...ඔයාගේ සුදු අයියගේ ඇස්‌ වල කදුලූ....

ඇයි සුදු අයියව දාලා ගියේ මගේ මැණික...ඇයි දාලා ගියේ....

සුදු අයියා පව් නැද්ද...දාලා යන්න නම් ඇයි සුදු අයියගේ ජීවිතයට ආවේ...ඇයි සුදු අයියට ආදරේ කරේ....

ඇයි.... දෙයියනේ එහෙම කරේ....

දැස්‌ පොඩි කොට


දැස්‌ පොඩි කොට

ඔහෙ පා කර

නුබෙ දැස්‌ හොයලා...

වේදනා විදි

මගෙ සිත් ඉම

ආදරේ පතලා

ගව් සියක්‌ දුර නුබත් අරගෙන

තනි සිතින් පියබා

තවත් මොහොතක්‌ ගෙවි යනවා

නුබ දුරක තියලා...

දැස්‌ සිර කොට තබ ගන්නම්

නෙත් කෙවෙනි රිදවා

නුබට නොදැනෙන

මගෙ සෙනෙහස

ඉකි ගසා හැඩුවා...

පාළු සොහොනක

සෙනෙහෙ මලගම

ආදරෙන් වලදා

ඇවිද යන්නට වාරු නැත මට

නුබේ හිතින් මිදිලා....

Friday, July 01, 2011

අකාලික ප්‍රේමයේ සදාකාලික සමු ගැන්ම...!!!


සුදු නංගි.... ඔයාට මතකද...

නන්නාදුනන හවසක ඔය ඇස්‌ සුදු අයියව නොසංසුන් කරපු හැටි මතක ද.....

“ඇයි බලන්නේ ඔය විදියට..”

“අයියගේ ඇස්‌ කතා කරනවා....ඒකයි බලන්නේ...”

ආයිත් කවදාවත් සුදු අයියගේ ඇස්‌ කතාකරන්නේ නැ සුදු නංගී..කාලය ගෙවිලා..අපේ ඇස්‌ අපිට හමු උනේ නැතිව කොච්චර කාලයක්‌ ගෙවුනද...

“අපේ ආදරේ අද කොහෙද සුදු නංගී...”

අහිමි වීම මේ තරම් වේදනවක්‌ කියලා දන්නවනම් කවදාවත් සුදු අයියා ආදරේ කරන්නේ නැ මගේ මණික...

මතකක ද සුදු අයියා කිව්වා පාළුම දවසක...ආදරේ නිසා කවදා හරී දවසක අයියා පපුව පැලිලා මැරෙයි කියලා..අද ඒ ආදරේ පාළුම පාළු සොහොන් බිමක පණ අදිනවා...සුදු නංගී එනවද..ඔයාගෙ සුදු අයියා තනිවෙලා..ගොඩාක්‌ තනි වෙලා...

මම දන්නවා මගේ මැණිකට දැන් එන්න බැ කියලා..ඒත් හිත පිලිගන්නෙ නැ..ආයෙත් කවදාවත් සුදු නංගිට එන්න කියන්න මට බැ..ඔයා ලස්‌සනට ජීවත් වෙන්න..

එක ඉල්ලීමක්‌ තියෙනවා...අයියගේ අන්තිම ම කැමත්ත...අපි දෙන්නගේ හීනේ හිටිය පුංචි කොළු පැටියට අයියගෙ නම තියන්න...මගේ නොවුනත් අපේ දරු පැටියා ඔයාට සුදු අයියගෙ මතකේ හමදාම ගෙනල්ලා දේවී....අපි දෙන්නා හිටවපු අරලිය ගහේ සුදු මල් පිපිලා..

අදින් පස්‌සේ සුදු අයියා ඔයාගෙන් ගොඩාක්‌ ඇතට යනවා..හැමදාටම හමෝගෙන්ම ඇතට...ආයිත් සුදු අයියාගෙ ඇස්‌ ඔයාට කතාකරන්නෙ නැති වෙයි...සුදු නංගි ඔයත් එන්න අයියා ඇතට යනවා බලන්න...අපේ අරලිය ගහෙන් පුංචිම පුංචි මලක්‌ අරන්...එන්න....

සුදු අයියා ලගටම එන්න..ඉස්‌සර වගේ හිමින්..ගොඩාක්‌ හෙමින් සුදු අයියගේ නලල ඉබින්න....එද වාගෙම ආදරෙයි කියන්න... සුදු අරලිය මල පපුව උඩින් තියලා යන්න...ආදරෙන්..ගොඩාක්‌ අදරෙන්.....


සද රැයෙන් එබෙන යාමේ..


සද රැයෙන් එබෙන යාමේ...

කදුලු තරුවත්

මගෙ තනියට

ආදරේ දෙන් නැ...

නුබෙ දැසට

මගෙ ආදරේ

තවම තහනම් නැ....

විදා හල හගුමන් පිපී..

සොයා නෙතු අන්තයේ හැපි

නොනිදනා රැ

ලගින් ඉන්නද..

නුබෙ ලැම හොදටම ඇති

තවම වියපත් නැ....

Thursday, June 30, 2011

තනිව සිටි තරම්


රැ අහසේ

තනිව සිටි තරම්

හෙමින්.. හෙමින්..

නුබම ආව දෙන්

දරා ගන්න බැරි තැනකදි

දැස දෙස බලන්

නුබට අල්ල ගන්න කියා

හිත වීසී කලා ම0…

මොහොතින්.. මොහොත..

කල්ප උන සැනින්

ජීවිතයම ගෙන නුබ ආව ගමන්…

ගුලි වෙන්නට නොසලෙන ඇසි පියන් යටින්

කොච්චර පින් ද… ම0…

නුබෙ පපුවේ උනුසුමක තරම්…

රැ අහසේ මල් පිපිලා

හිනා වෙන තරම්

ලස්‌සනයි ද…

මම විසි කල ආදරේ සිතින්

ඉමක්‌ කොනක්‌ නැති

නුබෙ සෙනෙහස දරා ගතිමි මන්

කොච්චර පින් ද… ම0…

නුබෙ පපුවේ උනුසුමක තරම්…


Wednesday, June 29, 2011

එකම එක ඇස්‌ දෙකක්‌ .

























ජීවිතේ දී අපිට

හිමි වෙන අහිමි වෙන

හැම හදවතකම අරන්

අවේ අදරයමද කියන්න

අපි දන්නෙ නැ...

ඒත් එකම එක

ඇස්‌ දෙකක්‌ ...

හදවතක්‌....

අපි වෙනුවෙන් මේ ලෝකේ කොහේ හරි තියෙනවා...

ජීවිතයම අරන් හිතට එබෙනකොට

පපුව පුරෝලා තුරුලු කරගන්න

ලස්‌සන හිතකට පුලුවන්...

හිනාවෙනවද ආදරේ හින්දා…


හිගන්නෙක්‌ ලග

නුබේ හිත තියලා

කප්පරක්‌ නුබ

අපා දුක්‌ වින්දා

කදුළු වැල් හංගා

හිනාවෙනවද ආදරේ හින්දා…

පිරුනු කොපුලේ උණුහුමට පැටලී

රටා වියනවා කදුළුවැල් බේරී

හොරෙන් හෙලනා සුසුමකට යාවී

සිනා ඉගිලෙයි හඩවලා නොරැදී …..

නිහඩ හිත ලග නුබේ හිත වැතිරී

බැදුන සෙනෙහස නුබ නමින් මිහිරි

ආදරෙන් නුබ ලගම මම හිදිමී

මතු බවෙත් නුබ

මටම… හිමි වේවි…!!!

Tuesday, June 28, 2011

සුදු නංගි නුබට නිවන් සුව....


මගේ හැම සිතිවිල්ලකම නිතර රැදෙන නුබේ පුංචී ඇස්‌...
නිතර අතැගිලි වල වෙළුන කෙට්‌ටු අත්...
රැගෙන නුබම ගිය අරුමය...
තවත් හිත හඩයි සොය නුබේ හිත..
කෝ මගේ සුදු නංගි..නුබ ගියෙද නොකියාම....
හඩන ඇස්‌ දුටුවාට ...
එපා නුබ යලි එන්න..
මකා දැමුවෙමි..නුබේ හිත..
මගේ හිත් අහසින්ම...
සුදු නංගි නුබට නිවන් සුව....
සුදු අයියා මිය ගොස්‌ ය.....

අඩම්බරකාරියේ...


අඩම්බරකාරියේ...



ඔබ කොහේ කොතැනක තනි



වී දැයි නොදනී..



නුබෙ ඇස්‌ යට ඉන්නට


පතමී....



දුර අහස්‌ තලේ සිප ගනිමී..



නුබ සිප ගත්තා යැයි සිතමී..



අඩම්බරකාරියේ...



මම නුබ සිප ගතිමී........

සුබ ම සුබ උපන් දිනයක්‌...



සුද්දියේ මගේ හිතට හරි නැ අද...මට දුකයි හොදටම..
ඔයා වෙනදා වගෙ කතා කලේ නැනෙ….පුරුද්දට වගේ ඔය ඇස්‌ හොයාන අවේ ගොඩක්‌ දුක්‌ විදලා...
යුද්දෙ ඉවර උනාට නිවාඩු හැමතිස්‌සෙම එන්න බැනෙ මගෙ දරුවෝ..ඔයා කතාකරන්නෙ නැත්තේ ඔයගේ උපන් දිනෙට සුදු අයියට එන්න බැරි උන නිසනේ....
හැමදාම වගේ දළදා මාලිගාවට යන්න බැරි උන හින්දනේ....
මම දන්නවා මැණික අයියා එයි කියලා බලාන ඉන්නවා කියලා..ඒත් ..ඔයාගෙ දුප්පත් අයියට එන්න බැරි උනා..
හිතලා එන්නෙ නැතුව හිටියේ නැ මගේ මැණික...ආදරේ නැතුවත් නෙමේ...
අයියා මේ රට රකින්න ඕනෙනේ මගේ දරුවෝ....
අයියා ආවහම මාලිගාවට යමු..මැණික අයියගෙ පණනේ....තරහා වෙන්න එපා..සුදු අයියා පව්....
මගේ සුදු මැණිකට සුබ ම සුබ උපන් දිනයක්‌...
වෙනදා වගේම ඔයාගේ අයියගේ ඇස්‌ වල කදුළු....
මගේ මැණිකට දළදා සමිදු පිහිටයි......