Tuesday, August 30, 2011

සුදු අයියා නිවාඩු ආවා..

අද නුවර අහස ගොඩාක්‌ මූසල පාටයි...පාළුයි...

ඉබාගාතේ යන රස්‌තියාදුකාර වැහි පොද දූවිලි පොලවට වැටිලා බොද උනා...වැව රවුම පාළුවට ගිහින් සුදු නංගී.....

සුදු අයියා නිවාඩු ආවා...හරියටම මාස තුනකින් ....

ඉස්‌සර අයියා නිවාඩු ආවේ කොච්චර ආසවෙන්ද...මගේ මැණික බලන්න සුදු අයියා දුවගෙන ආවේ කොච්චර ආසවෙන්ද...

අදටත් මට ඔයාව දැනෙනවා....වැව රවුමේ බංකුවක්‌ බංකුවක්‌ ගානේ මට ඔයාගේ ආදරේ දැනෙනවා මගේ සුදු මැණික...

අද මම එනකොට වැව රවුමේ වෙනදා මග බලන රත්තරන් ඇස්‌ නැ...ඇයි සුදු නංගි ...සුදු අයියා කරපු වරද මොකක්‌ද..

දෙයියනේ... මේ තරම් දඩුවම් දෙන්න සුදු අයියා කරපු වරද මොකක්‌ ද රත්තරන්...

මම කරපු වරද මොකක්‌ ද...

තාත්තෙක්‌ වගේ මගේ මැණිකට ආදරේ කරපු එකද මේ ලෝකේ මම කරපු ලොකුම වරද...ඒකද ලොකුම වරද..

මම දන්නවා මම වැඩි කල් ජීවත් වෙන්නේ නැ කියලා..ඒත් ජීවත් වෙන පුංචිම පුංචි කාලේ මගෙ ලගින් ඉන්න තිබුනා නේද සුදු නංගී...

සුදු අයියා දවසක්‌ හරි ඔයගේ කතා කරන ඇස්‌ දෙකෙන් ජීවත් වෙනවා කියන්න මේ ලෝකේ කවුරුත් දන්නේ නැ...

ඒත් දෙයියනේ ..

ඔයා ඒක දන්නවනේ...

එහෙනම් ඇයි... ඇයි ...මාව දාලා ගියේ..ඇයි සුදු නංගි එහෙම කරේ.........

1 comment: