
සුද්දියේ මගේ හිතට හරි නැ අද...මට දුකයි හොදටම..
ඔයා වෙනදා වගෙ කතා කලේ නැනෙ….පුරුද්දට වගේ ඔය ඇස් හොයාන අවේ ගොඩක් දුක් විදලා...
යුද්දෙ ඉවර උනාට නිවාඩු හැමතිස්‌සෙම එන්න බැනෙ මගෙ දරුවෝ..ඔයා කතාකරන්නෙ නැත්තේ ඔයගේ උපන් දිනෙට සුදු අයියට එන්න බැරි උන නිසනේ....
හැමදාම වගේ දළදා මාලිගාවට යන්න බැරි උන හින්දනේ....
මම දන්නවා මැණික අයියා එයි කියලා බලාන ඉන්නවා කියලා..ඒත් ..ඔයාගෙ දුප්පත් අයියට එන්න බැරි උනා..
හිතලා එන්නෙ නැතුව හිටියේ නැ මගේ මැණික...ආදරේ නැතුවත් නෙමේ...
අයියා මේ රට රකින්න ඕනෙනේ මගේ දරුවෝ....
අයියා ආවහම මාලිගාවට යමු..මැණික අයියගෙ පණනේ....තරහා වෙන්න එපා..සුදු අයියා පව්....
මගේ සුදු මැණිකට සුබ ම සුබ උපන් දිනයක්...
වෙනදා වගේම ඔයාගේ අයියගේ ඇස් වල කදුළු....
මගේ මැණිකට දළදා සමිදු පිහිටයි......