
හිගන්නෙක් ලග
නුබේ හිත තියලා
කප්පරක් නුබ
අපා දුක් වින්දා
කදුළු වැල් හංගා
හිනාවෙනවද ආදරේ හින්දා…
පිරුනු කොපුලේ උණුහුමට පැටලී
රටා වියනවා කදුළුවැල් බේරී
හොරෙන් හෙලනා සුසුමකට යාවී
සිනා ඉගිලෙයි හඩවලා නොරැදී …..
නිහඩ හිත ලග නුබේ හිත වැතිරී
බැදුන සෙනෙහස නුබ නමින් මිහිරි
ආදරෙන් නුබ ලගම මම හිදිමී
මතු බවෙත් නුබ
මටම… හිමි වේවි…!!!
"beduna senehasa nuba namin mihiriadaren mama nuba laga hidimi...."aththatama lassanai aiye...
ReplyDeleteLassanama lassana idea ekak..........Be Best
ReplyDelete